fbpx
තවත්
    මුල් පිටුවspecialචීනය සිය ආරක්ෂක වියදම් වැඩිකරයි

    චීනය සිය ආරක්ෂක වියදම් වැඩිකරයි

    චීන රජය විසින් මෙම වසරේදී එරට තුල ආරක්ෂක අංශ සඳහා වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම වසරේදී ආරක්ෂක අංශ සඳහා වැයකරනු ලබන අරමුදල් ප්‍රමාණය පෙර වසරට වඩා සියයට 7කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

    මෙම ආරක්ෂක වියදම් ඉහළ දැමීමේ තීරණය මුල වරට ප්‍රකාශ වූයේ චීනයේ ජාතික මහා සම්මේලනයේදී

    චීනය වර්ෂයක් සඳහා වැයකර ආරක්ෂක වියදම ඇමරිකානු ඩොලර් බිලියන 225ක් වන අතර එය තවමත් ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂික ආරක්ෂක වියදමෙන් හතරෙන් එකකි.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර විශ්ලේෂකයින් සඳහන් කරන්නේ චීනය විසින් සත්‍ය වශයෙන්ම ආරක්ෂක කටයුතු සඳහා වැයකරන වියදම නිසි ලෙස අනාවරණය නොකරන බවත් එය ඔවුන් සඳහන් කරන වියදමට වඩා ඉහළ අගයක් ගැනීමට බොහෝවිට ඉඩ පවතින බවයි.

    මේ අතර ධුරයෙන් සමුගන්නා චීන අගමැති ලී කකියැන්ග් චීනයේ ජාතික මහා සම්මේලනයේදී පැවසුවේ චීනය මැඩපැවැත්වීමටත් චීනය යටත් කරගැනීම සඳහා බාහිර පාර්ශවයන් විසින් දිගින් දිගමටම උත්සහ කරන බවයි.

    එමෙන්ම චීනයේ ත්‍රිවිධ හමුදාවන්ගේ පුහුණු සහ ඔවුන්ගේ සුදානම වර්ධණය කිරීමට කටයුතු කළයුතු බවද හෙතම පැවසීය.

    යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් චීනය දරන මතය සහ පසුගියදා අන්දෝලනයට පත්වූ ඔත්තු බැලීමේ බැලුන සිදුවීමත් සමඟ චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සම්බන්ධය යම් පළුදුවීමකටද පත්වයි.

    එහිදී තායිවානය සම්බන්ධයෙන්ද එක්සත් ජනපදය කටයුතු කරන ආකාරයත් සමඟ චීනය තම ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබේ.

    කෙසේ වෙතත් කොරෝනා සමයේදී චීනය අනුගමනය කළ කොරෝනා ශුනය ප්‍රතිපත්යත් සමඟ එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය.

    එහිදී ඇතැම් නිෂ්පදයකින් සිය කර්මාන්ත ශාලා චීනයෙන් විතැන් කිරීමට පියවරගෙන තිබූණි.

    මෙම තත්ත්වයත් සමඟ චීනය මෙම වසරේදී සිය ආර්ථික වර්ධනය සියයට පහක අගයක් ගණු ඇති බවටද ප්‍රකාශ කරමින් සිය අපෙක්ෂා පහළ දැමීමටද පියවර ගෙන තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.