තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කතකගේ ගෙල බැදි රන්මාලය කැඩූ හමුදාවේ දෙකක් අල්ලයි

    කතකගේ ගෙල බැදි රන්මාලය කැඩූ හමුදාවේ දෙකක් අල්ලයි

    යතුරුපැදියක ගමන් කරමින් කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකන යුද හමුදා සෙබලු දෙදෙනෙකුව තලාතුඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඇල්හේන , කැටවල ඇලේ පාරේදී ඉකුත් පෙබරවාරි 25 වෙනිදා සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් කාන්තාවගේ ගෙල බැදි රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් පමණ වටිනා රන් මාලයක් කොල්ලකා පළායාමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී මෙම හමුදා සෙබලු දෙදෙනා කොටුවී තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතරලියද්ද පැලෑනේ පදිංචිකරුවෙක් වන මුලතිව් ආන්දන් කුලම් යුද හමුදා කදවුරේ සේවයේ නිරතව සිටින වයස අවුරුදු 30ක් වන ඩී.එච්.ජී.පී. සෙනෙවිරත්න සහ කැටවල ලෙවිලේ පදිංචිකරුවෙක් වන මහනුවර යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින 27 හැවිරිදි දිනේෂ් කුමාර යන සෙබලු දෙදෙනාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img