නව රජය බලයට පත්වන විට ගෙවීමට තිබූ බිල්පත්වලින් 52%ක් හෙවත් රුපියල් කෝටි 19100ක් මේ වන විට ගෙවා අවසන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ආණ්ඩුවට ඉකුත් අගෝස්තු මස 31 වැනි දා වන විට ගෙවීමට තිබූ බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 36000කි. ඉන් රුපියල් කෝටි 19100ක් මේ වන විට ගෙවා අවසන් කර ඇතැයිද රංජිත් සියඹලාපිටිය මහතා කීය.
ඉදිරියේ දී ආණ්ඩුවට ගෙවීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 16900ක් බවද ඇමතිවරයා කීය.