තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධයට එරෙහිව නියෝගයක්

    විරෝධයට එරෙහිව නියෝගයක්

    කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද සමගි ජනබලවේගය වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ, එම පක්ෂය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවය.

    සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට මෙම නියෝගය කර ඇත.

    ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත මාර්ග කිහිපයකට අද පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගය කර ඇත.

    මැතිවරණය කල්දැමීමට එරෙහිව සමගි ජනබලවේගය මෙම විරෝධතාව අද පැවැත්වීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img