තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නකල්ස් රක්ෂිතයේ මංමුලාවූ තරුණ තරුණියන් 31ක් බේරාගැනේ

    නකල්ස් රක්ෂිතයේ මංමුලාවූ තරුණ තරුණියන් 31ක් බේරාගැනේ

    නකල්ස් රක්ෂිතයේ ගැරඬිගල කන්ද තරණය කිරීමට ගොස් ඊයේ (18) සිට අතරමංව සිටි තරුණ තරුණියන් 31 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට පොලීසිය, හමුදාව සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් කළ සෝදිසියකින් අනතුරුව අද (19) සවස සමත්විය.

    මෙම තරුණ තරුණියන් පිරිස රක්ෂිතයේ අතරමංවී ඇත්තේ අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් මග වැරදී යාමෙනි.

    මේ ගැන උඩුදුම්බර පොලීසියට ලද තොරතුරකට අනුව ඔවුන්ව මුදා ගැනීමේ ඒකාබද්ධ මෙහෙයුම දියත්ව ඇත.

    පැය 24ක මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස අද සවස මුදා ගෙන ඇති අතර ඔවුන් හෝමාගම, මහනුවර, කොළඹ, ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img