fbpx
තවත්
    මුල් පිටුවspecialNissan - Renault අලුත් කාර් මාදිලි 6ක් ඉන්දියාවේ නිෂ්පාදනයට සූදානම්

    Nissan – Renault අලුත් කාර් මාදිලි 6ක් ඉන්දියාවේ නිෂ්පාදනයට සූදානම්

    Nissan ‍මෝටර් සමාගම සහ Renault මෝටර් සමාගම විසින් සිය මෝටර් රථවල නව මාදිලි 6ක් ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ සඳහා ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කරන බව මෝටර් රථ නිෂ්පාදකයින් දෙදෙනා ප්‍රකාශයට පත් කර ඇත.

    ඉන්දියාව යනු මෝටර් රථ ක්ෂේත්‍රයේ ලොව තුන්වැනි විශාලතම වෙළඳපොළයි.

    මෙම පියවරත් සමඟ ජපාන සහ ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදක

    ‘මෙම ආයෝජනය නිෂ්පාදන සඳහා පමණක් නොව, ලෝකයේ තුන්වන විශාලතම වෙළඳපොළ වන වර්ධනය වෙමින් ඇති ඉන්දියානු වෙළඳපොළ සැබවින්ම අල්ලා ගැනීමට සහ අපනයන සඳහා පදනමක් ලෙස ඉන්දියාව භාවිතා කිරීමට EVs වැනි තාක්ෂණයන් සඳහා ඉතා වැදගත් වේ.’ Nissan ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අශ්වානි ගුප්තා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

    සමාගම් දෙකම නිකුත් කළ ප්‍රකාශයට අනුව මාදිලි 3 බැගින් වාහන මාදිලි 6ක් ඉන්දියාවේ නිෂ්පාදනය වන අතර ඉන් මාදිලි දෙකක් විදුලි වාහන (EVs) වනු ඇත.

    එය මෙම සමාගම්වල ඉන්දියාවේ නිපදවනු ලබන ප්‍රථම මෝටර් රථ මාදිලි වනු ඇත.

    මෙතෙක්, ප්‍රංශයේ Renault සමූහයට Nissan Motor සමාගමෙහි කොටස් 43.4% හිමි වූ අතර, Renault හි කොටස් 15% ක් ජපන් මෝටර් රථ නිෂ්පාදකයා සතු විය.

    නිසාන් – රෙන‍ෝල්ට් – මිට්සුබිෂී මෝටර් සමාගම් එක්ව ගොඩනගාගෙන ඇති සන්ධානය මගින් ලොව පුරා මෝටර් රථ 1/9කට වඩා වැඩිි කොටසක් අලෙවි කරනු ලබයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.