ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්ර නිකුත් කර තිබේ.
මැතිිවරණ කොමිසම විසින් එම ගැසට් පත්ර නිකුත් කර ඇත.
ඒ අනුව ඒ ඒ දිස්ත්රික්වලට අදාළ පළාත් පාලන ආයතන සඳහා ලබන මාර්තු 09 වැනිදා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව ද ගැසට් නිවේදනවල දක්වා ඇත.
එම සියලුම ගැසට් පත්ර 👉මෙතැනින්👈 ලබාගත හැකිය.
මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් 80720 දෙනකු තරඟ කරති.
ඒ දේශපාලන පක්ෂ 58ක් සහ ස්වාධීන කණ්ඩායම් 329කිනි.
මෙවර ඇල්පිටිය ප්රාදේශීය සභාව සහ කල්මුනේ නගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන 339 සඳහා එම මැතිවරණය පැවැත්වේ.