fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ 29,000ක් ගුරු සේවයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට

    රාජ්‍ය සේවයේ 29,000ක් ගුරු සේවයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට

    රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් ගුරු සේවයට 26,000ක් සහ රජයේ සේවයේ නියුතු බහු කාර්ය සංවර්ධන සහායක නිලධාරින් 3000ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කම්කරුවන් ලෙසත් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ

    මේ බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ අද (31 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

    රාජ්‍ය සේවයේ දැනට පවතින පුරප්පාඩු පිරවීම රාජ්‍ය සේවයේම සිටින නිලධාරීන්ගෙන් සිදු කිරීමට යටතේ මෙය ක්‍රියාත්මක වන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා බහු කාර්ය සංවර්ධන සහායක නිලධාරින්ට සුදුසුකම් මත දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් වීම් හා විශ්‍රාම වැටුප් ක්‍රමයට ද ඇතුලත් විමට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.