fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදට යන්නත් එපා - ගිය අය වහාම එන්නැයි දන්වයි

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදට යන්නත් එපා – ගිය අය වහාම එන්නැයි දන්වයි

    ඉදිරි පැය 24 තුළ දී ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.

    එමෙන්ම ඒ ආශ්‍රිතව දැනට ධීවර කටයුතුවල නිරත වන පුද්ගලයින් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසද කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

    ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ජනවාරි 31 වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපානයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    ඉන්පසු, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පෙබරවාරි 01 වන දින ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ලඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.

    සමකයත් උතුරු අක්ෂාංශ 05 ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (4()45) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 600 දක්වා වැඩිවිය හැක.

    ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇති විය හැක.

    අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

    • සමකයන් උතුරු අක්ෂාංශ 05 ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 95 ත් අතර මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

    • දැනට මෙම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩ බිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දන්වා සිටිනු ලැබේ.

    • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(29) පෙරවරු 6ට නිකුත් කරන ලද නිවේදනය මගින් මෙම කරුණු දක්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.