fbpx
තවත්
    මුල් පිටුවspecialඇමෙරිකානු ඩොලරය වෙනුවට නව මුදල් ඒකකයක්

    ඇමෙරිකානු ඩොලරය වෙනුවට නව මුදල් ඒකකයක්

    බ්‍රසීලය සහ ආජන්ටිනාව විසින් මෙම සතියේදී පොදු මුදල් ඒකකයක් ස්ථාපනය කිරීමට සූදානම් වන බවට නිවේදනය කළ අතර එය ලෝකයේ දෙවැනියට විශාලතම ජාත්‍යන්තර මුදල් ඒකකය බවට පත්කරගැනීමට හැකියාව පවතින බවටද වාර්තාවිය.

    ෆයිනෑන්ෂීයල් ටයිමස් පුවත්පත වාර්තා කළ ආකාරයට දකුණු ඇමරිකාවේ විශාලතම ආර්ථිකයන් දෙක මෙම සතියේ බුවනෝස් අයර්ස්හි සමුළුවකදී මෙම මුදල් ඒකකයට අදාල සැලැස්ම සාකච්ඡා කරනු ඇති අතර අනෙකුත් ලතින් ඇමරිකානු ජාතීන්ට එක්වන ලෙස ආරාධනා කරනු ඇත.

    බ්‍රසීලය “සුර්” ලෙස හැඳින්වීමට යෝජනා කරන නව මුදල් ඒකකය මගින් කලාපීය වෙළඳාම ඉහළ නංවා එක්සත් ජනපද ඩොලරය මත යැපීම අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මූලික අවධානය යොමු වනු ඇති බවට අදාල මුදල් ඒකකය නිර්මාණය කිරීමේ කටයුතු වලට නිරතවී සිටින නිලධාරීන් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසීය.

    මෙම මුදල් ඒකකයට ප්‍රථමයෙන්ම බ්‍රසීලියානු රියල් සහ ආර්ජන්ටිනාවේ පෙසෝ සමඟ සමාන්තරව භාවිතයට ගැනීමට අපෙක්ෂා කරනු ඇත.

    “ආර්ථිකයේ ප්‍රමාණය සහ මහ බැංකුවල කාර්යභාරය දක්වා සියල්ල ඇතුළත් පොදු මුදල් ඒකකයක් සඳහා අවශ්‍ය ප්‍රමිතීන් අධ්‍යයනය කිරීම ආරම්භ කිරීමට තීරණයකරනවා,” යනුවෙන්ද ආජන්ටිනාවේ ආර්ථික ඇමති සර්ජියෝ මැසා ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත පැවසීය.

    “මට කිසිම බොරු බලාපොරොත්තු ඇති කරන්න අවශ්‍ය නැහැ . එය ලතින් ඇමරිකාව යා යුතු දිගු මාවතක පළමු පියවරයි. මුලදී ද්විපාර්ශ්වික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට අනෙකුත් ලතින් ඇමරිකානු රාජ්‍යන් හටද මිට එක්වන ලෙස ආරාධනා කරන බවට ආජන්ටිනාවේ ආර්ථික අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව ලතින් ඇමරිකානු රටවල් ආවරණය වන පරිදි පොදු මුදල් ඒකකයක් නාර්මාණය වුවහොත් එමගින් ගෝලීය නිෂ්පාදිතයෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් නියොජනය විය හැකි බවද ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් පද පෙන්වා දෙයි.

    මේ අතර ගෝලීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් පමණ යුරෝපා සංගමයට අයත් රටවල් මගින් සිදුකරන අතර එම කාලාපය තුල සියලුම ගණුදෙනු යුරෝ මුදල් එකකය යොදාගෙන සිදුකරනු ලබයි.
    එමෙන්ම අනෙකුත් මුදල් කොටස් අතරට සමහර අප්‍රිකානු රටවල් භාවිතා කරන CFA ෆ්‍රෑන්ක් සහ යුරෝ නියම කළ විනිමය අනුපාතයකට අනුව හුවමාරුවන අතර නැගෙනහිර කැරිබියන් ඩොලරය පොදු මුදල් ඒකක ගණයට ඇතුළත් වේ.
    කෙසේ වෙතත් , මේවා ගෝලීය ආර්ථික නිමැවුම සමඟ සැසදීමේදී ඉතා කුඩා කොටසක් ආවරණය කරයි. එමෙන් යුරෝපා සංගමයට යුරෝ මුදල් ඒකකය නිර්මාණය කිරීමට වසර 35ක කාලයක් ගතවූ අතර ඒ අනුව මෙම ලතින් ඇමෙරිකානු මුදල් ඒකකය ස්ථාපනය වීමටද සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවද ආජන්ටිනාවේ ආර්ථික අමාත්‍යවරයා පේනවා දී තිබේ.

    එමෙන්ම බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාගේ ආර්ජන්ටිනා සංචාරයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමති වූ අතර ඊට අදාල ඒකාබද්ධ නිවේදනයක්ද රටවල් දෙක විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

    මේවන විට බ්‍රසීලය සහ අජන්ටිනාව වාමාංශික නායකයින් විසින් පාලනය කරනු ලබන බැවින්, විශාල දේශපාලන පිටුබලයක් මෙම මුදල් ඒකකය සදහා ලැබෙනු ඇති බවට අපෙක්ෂා කළ හැකිය.
    දකුණු ඇමරිකානු ඩිජිටල් පොදු මුදල් ඒකකයක් යෝජනා කරමින් මුදල් අමාත්‍ය ෆර්නැන්ඩෝ හැඩාඩ් ඔහුගේ වත්මන් රැකියාව භාර ගැනීමට පෙර පසුගිය වසරේ දීර්ඝ ලිපියකින්ද පැහැදි කර තිබූ අතර එහිදී එම මුදල් ඒකකයේ වැදගත්කම සහ අවශ්‍යතාව දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබිණි.

    මේ අතර අද වන විට ලොව පුරා ඇමරිකා එක්සත් ජනපද ඩොලරය ජාත්‍යන්ත මුදල් ඒකකය ලෙස භාවිත කිරීමේ ප්‍රායෝගික බව සම්බන්ධයෙන් දැඩි සාකච්ඡාවකට බදුන් වී ඇති අතර එය හේතුව වන්නේ එමගින් ඇමරිකා එක්සත් ජනපදයට ගෝලීය ආර්ථිකයට බලපෑම් කිරීමට ඇති හැකියාව ඉහළ මට්ටමක පැවතීමයි.
    මීට පිලියකම් ලෙස පසුගිය කාලය තුල රුසියාව සහ චීන වටිනා ලෝහ වන රන් පදනම් කරගෙන ජාත්‍යන්තර මුදල් ඒකකයක් නිර්මාණය කිරීමටත් ඊට බ්‍රික් රටවල් එක් කරගැනීමටත් අපෙක්ෂා කරනු ලැබීය.

    එමගින් ඇමරිකා එක්සත් ජනපද ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකකයකි භාවිතය තුලින එක්සත් ජනපදයට ගෝලීය ආර්ථිකයට බලපෑම් කිරීමට ඇති හැකියාව පහළ දැමීම මූලික අභිප්‍රාය විය.

    ඒ අනුව යම් ආකාරය ලෝකයේ අනෙකුත් රටවල් ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් මුදල් එකකය් භාවිතා කිරීම යොමු වුවහොත් එය එක්සත් ජනපද ආර්ථිකයට විශාල බලපෑමක් වනු ඇති අතර එමගින් ඇමරිකාව සතු ගෝලීය බලයද විශාල වශයෙන් සිඳී යනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.