තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගැහැණු හුටපටයකට අයකුට වෙඩි තැබූ ව්‍යාරිකයා කොටුවෙයි

    ගැහැණු හුටපටයකට අයකුට වෙඩි තැබූ ව්‍යාරිකයා කොටුවෙයි

    හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ලී මෝල් හිමිකරුවෙකුට ගෝනපොළ කුඹුක පංසල් කන්දේදී පසුගිය 16 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ ගැනීමක් සම්බන්ධයෙන් සැකපිට වාහන සේවා සපයන ආයතනයක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අනියම් ඇසුරක් පවත්වන්නට යෙදුණු රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක් ඔහුව අතහැර ලීමෝල් හිමිකරු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට යෙදීම නිසා උරණ වී මෙම වෙඩි තැබීම සිදුකර තිබී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ලීමෝල් හිමිකරු සාදයකට සහභාගිවී නිවස බලා යමින් සිටියදී යතුරුපැදියක නැගී මෝටර් රථය පස්සේ පන්නා ගොස් ඔහුව මරා දැමීමේ අරමුුණ ඇතිව වෙඩි තැබීම කර තිබෙන බව පොලීසිය කියයි.

    වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය ද වෙඩි තැබීමට ගමන් කළ යතුරුපැදියද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, වව්ලුගල ප්‍රදේශයේ පදිංචි වාහන සේවා ආයතනයක හිමිකරුවෙක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img