fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'වන්දි ගෙවන්න මට සල්ලි නෑ' - හිටපු ජනපති රට වටෙන් සල්ලි ඉල්ලයි

    ‘වන්දි ගෙවන්න මට සල්ලි නෑ’ – හිටපු ජනපති රට වටෙන් සල්ලි ඉල්ලයි

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම නිසා, වින්දිතයන්ට රුපියල් කෝටි 10ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන්ට නියම කළ මුදල රටපුරා ජනතාවගෙන් රැස්කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

    එය ගෙවීමට තමන්ට ආර්ථික ශක්තියක් නොමැති බවත් එබැවින් මෙම මුදල් එකතු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා බව හිටපු ජනාධිපතිවරයා පවසයි.

    අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව කීය. “නඩු තීන්දුවෙන් මට කෝටි 10ක් ගෙවන්න කියලා. කෝටි 10ක් ගෙවන්න මට කිසියම්ම ආර්ථික තත්ත්වයක් නැහැ මට. ඒ තතත්වය ගත්තහම මම බලාපොරොත්තු වෙන්නේ රටපුරා සිටින මගේ හිතවත් ජනතාවගෙන් මේ කෝටි 10 එකතු කරන්න. මට අද වෙනකොට මෝටර් සයිකලයක්වත් නැහැ ඇත්තටම කියනවා නම්. රට හැමතැනින්ම අපේ හිතවතුන්ගෙන් සල්ලි එකතු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද සල්ලි නොගෙව්වොත් හිරේ යනවා..සහෝදරයෝ වුනාට ඩඩ්ලි සිරිසේනගේ බිස්නස්වලට මගේ සම්බන්ධයක් නැහැ. අපේ පවුලේ 11ක් ඉන්නවා. තාත්තාට කුඹුරු අක්කර 05යි, ගොඩ අක්කර 03ක් තිබ්බා. කුඹුරු අක්කර 05 නංගිලා බෙදාගෙන කරනවා. ගොඩ අක්කර තුනේ මම අඹ ටිකක් දාලා තියෙනවා. ඒ ඇරෙන්න මට ‍වෙන කිසිම ආදායම් මාර්ගයක් නැහැ.” යැයි ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. හිරේ පල.ඇයි තොගේ පුතාගේ ගේ තියෙන්නේ ජනාධිපති සමාවෙන් ගත්ත. එක්‍ර්ක්වත් මුන්ට සල්ලි දෙන්න එපා

    ඔබේ අදහස් දක්වන්න.