fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ හතෙන් ටොන් 8ක යකඩ ඉස්සූ සොරුන් ඇල්ලූ හැටි

    කොළඹ හතෙන් ටොන් 8ක යකඩ ඉස්සූ සොරුන් ඇල්ලූ හැටි

    ගොඩනැගිලි ඉදිකිරීම් සමාගමකට අයත් කුරුදුවත්ත පොලිස් වසමේ ක්ලාසන් පෙදෙසේ පිහිටි ගබඩාවක් බිද රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා යකඩ කම්බි කූරු ටොන් 08ක් සොරාගත් ගබඩාවේ කළමානාරු ඇතුළු තිදෙනෙක් කුරුදුවත්ත පොලීසියේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් අතර ගබඩාවේ භාරකරු මෙන්ම කම්බි තොගය ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරුද සිටිති.

    කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් විසින් සොරාගත් කම්බි තොගය කළමනාකරුගේ මුල්ලේරියාවේ පිහිට නිවස ඉදිරිපිට ගෙවත්තේ තිබී සොයාගෙන ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ ජනවාරි 01 වෙනිදාත් 06 වෙනිදාත් අතර කාලය තුළදීය. මෙරට විවිධ ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිරිකිරීම් කටයුතු කරන සමාගමකට අයත් මෙම ගබඩාව බිද කම්බි සොරා ගැනීම ගැන කුරුදුවත්ත පොලීසියට පැමිණිල්ල කර ඇත්තේ එම සමාගමේ හිමිකරු විසිනි.

    මෙම සොරකම ගැන පොලීසියට පැමිණිලිකර ඇත්තේ පසුගිය 12 වෙනිදාය. එදින සොරාගත් දේපොල වල වටිනාකම ඉදිරිපත් වී නැත. සොරාගත් කම්බිවල වටිනාකම ගණනයකර පොලීසියට එහි හිමිකරු විසින් ලබාදී ඇත්තේ ඊයේ (15) ය.

    මෙම ගබඩාවේ ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශනද ඒත් එක්කම පොලීසියට අදාල සමාගම් හිමිකරු ඉදිරිපත්කර තිබේ. එහිදී පෙනීගොස් ඇත්තේ මෙම යකඩ සොරකම් කරගෙන යන්නේ අංක 28 ශ්‍රි 6015 දරණ ලොරි රථයේ පටවාගෙන බවය. එම අංකය ඔස්සේ පරීක්ෂාකර ලොරි රථයේ හිමිකරු හදුනාගෙන තිබේ. පංචිකාවත්තේ පදිංචිකරුවෙන් වන ඔහුව අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එම ආයතනයේම කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරතව සිටින සුජිත් කෝසල පෙරේරා යන අයගේ අනුදැනුම මත මුල්ලේරියාවට රැගෙන ගොස් කම්බි තොගය සගවා ඇති බවය.

    ඒ අනුව කළමනාකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාවේ තිබී යකඩ තොගය සොයාගෙන ඇත. වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී සොරකම සිදු කිරීමට ගබඩාවේ මුරකරු සහය දැක්වු බවට අනාවරණය වී ඇත. ඒ අනුව මුරකරු වන පැළවත්තගේ ප්‍රේමන් විජේතුංග යන අයද අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුදුවත්ත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරුවන් තිදෙනාව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.