fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිලන්තගේ තැන පතිනායකට

    නිලන්තගේ තැන පතිනායකට

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භවීමත් සමඟ පොලීසියේ පරිපාලන ප්‍රධානී තනතුර ඔහුට අහිමි වී යනු ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    එම තනතුර ඉදිරියේදී වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා වෙත හිමිවනු ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඒ අනුව පොලිස්පතිවරයාගෙන් පසු ඊළගට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ලලිත් පතිනායක මහතාය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.