fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නෙළුම් කුළුණෙත් බලිකුරුටු ඇඳලා - හානි කළ අයට වැඩ වරදී

    නෙළුම් කුළුණෙත් බලිකුරුටු ඇඳලා – හානි කළ අයට වැඩ වරදී

    කොළඹ පිහිටි නෙළුම් කුළුණ (Lotus Tower) තුළ එම දේපළට හානි කරන්නන් හෝ අවභාවිත කරන්නන් හඳුනාගෙන ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව එහි කළමනාකාරීත්වය පවසයි.

    නෙළුම් කුළුණ නැරඹීමටට යන ජනතාවගෙන් ඇතැම් පිරිස් Observation Deck හිදී එහි සිරි නරඹමින් බිත්තිවල චේන්, යතුරු ආදියෙන් කුරුටු ගෑම කර හානිකර ඇතැයි කළමනාකාරිත්වය අනාවරණය කර සිටී.

    වැසිකිළි කිහිපයකට ද ඇතැම් පිරිස් කර ඇති හානියෙන් අධික පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

    නවීන තාක්ෂණයට අනුව සකස් කර ඇති නෙළුම් කුළුණේ කුඩා හානිකිරීමකට වුවද අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඊළඟ පරම්පරාවලට ද මෙය ප්‍රවේශම් කිරීම ජනතාවගේ වගකීමක් වන බව ද ඔවුහු පෙන්වා දෙති.

    මෙම ස්ථානය සංචාරකයන් වෙනුවෙන් විවෘත කර ඇත්තේ එහි සිට සුන්දරත්වය අත්විඳීමට වුවත් මෙලෙස හානි සිදුකිරීම දිගින් දිගටම ඉඩදිය නොහැකි බවත් ඒ සඳහා දරන්නට සිදුවන අතිරේක පිරිවැය විශාල බවත් ඔවුහු පෙන්වා දෙති.

    මෙලෙස හානිකළ පුද්ගලයන් තිදෙනකු හඳුනාගෙන ඔවුන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද ආයතන කළමනාකාරිත්වය සඳහන් කළේය.

    හානි කර ඇති අයුරු
    හානි කර ඇති අයුරු

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.