fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෙවනගල -පැල්වත්ත සීනි සමාගම්වල ජෛව පොහොර ඒකක ඉදිකිරීම් යළිත්

    සෙවනගල -පැල්වත්ත සීනි සමාගම්වල ජෛව පොහොර ඒකක ඉදිකිරීම් යළිත්

    සෙවනගල සහ පැල්වත්ත සීනි සමාගම්වලට අනුබද්ධව ජෛව පොහොර ඒකකවල ඉදිකිරීම් කටයුතු ජනවාරි මස පළමුවැනි දින සිට නැවත ආරම්භ කරන බව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කීර්ති පතිරණගේ මහතා පැවසීය.

    දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් හා මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රමිකයින් යොදාගනිමින් එම පොහොර නිපදවීමට අපේක්ෂා කරන බව ද පතිරනගේ මහතා කීය.

    සෙවනගල ජෛව පොහොර ඒකකයෙන් ටොන් 40,000ක් සහ පැල්වත්ත ඒකකයෙන් ටොන් 50,000ක් වාර්ෂිකව නිපදවීමට අපේක්ෂා කරන බවද පොහොර නිපදවීමේ කටයුතු ලබන අප්‍රේල් මස 15 වැනි දින ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

    පොහොර ඒකක වල කටයුතු ක්‍රියාත්මක වීමත් සමඟ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඍජු රැකියා 500ක් හිමි වන බවද කීර්ති පතිරනගේ මහතා කීය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.