fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කලපුවට පැන්න ගවයින් ගොඩගන්න ගිය ගොපල්ලාව කිඹුලෙකු ඩැහැගනී

    කලපුවට පැන්න ගවයින් ගොඩගන්න ගිය ගොපල්ලාව කිඹුලෙකු ඩැහැගනී

    කලපුවට පැන සිටි ගවයින් ගොඩට දක්කන්නට කලපුවට බැස සිටි ගොපල්ලු තරුණයෙකුව අද සවස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇත.

    චවලකඩේ පොලිස් වසමේ පිහිටි කිට්ටැංකි කලපුව ලෙස හදුන්වන කොටසේදී මෙම සිදුවීම වී තිබේ.

    කිඹුලා විසින් ඩැහැගෙන ගොස් ඇත්තේ කල්මුණේ චේනකුඩිරිප්පුවේ පදිංචිව සිටි වයි. සුකීර් දාසන් නැමැති 30 හැවරිදි තරුණයෙකි.

    කිඹුලා විසින් මෙම තරුණයාව අල්ලාගෙන ජලය තුළට ගමන්කර ඇත. ඔහුව සවස් වන තුරුම හමුවී තිබුණේ නැත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.