fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වායුගෝලයේ කොලිටිය ගැන ජනවාරියේ සිට දිනපතා වාර්තාවක්

    වායුගෝලයේ කොලිටිය ගැන ජනවාරියේ සිට දිනපතා වාර්තාවක්

    ශ්‍රී ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳව 2023 ජනවාරි සිට මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමට නියමිතය.

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව තොරතුරු මුදාහැරිය හැකි ආකෘතියක් ද මේ වන විට සකස් කර ඇති බවය.

    2023 ජනවාරි සිට දිනපතා මාධ්‍ය වෙත යොමු කරන “සංසරණ වායු තත්ත්වය” පිළිබඳ දත්ත හා තොරතුරු ප්‍රවෘත්ති විකාශනවල හා දිනපතා සතිපතා පුවත්පත් මගින් මහජනතාවට දැනගැනීමේ අවස්ථාව උදාවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.