fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නත්තලට - නව වසරේ උදාවට විදුලි කපන්නේ නෑ

    නත්තලට – නව වසරේ උදාවට විදුලි කපන්නේ නෑ

    දැනට රට පුරා සිදුවන විදුලි කප්පාදුව ඉදිරි දින පහක් සඳහා අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

    ඒ අනුව දෙසැම්බර් 24, 25, 26, 31 සහ ජනවාරි 01 විදුලි විසන්ධියක් සිදුනොකරන බව අමාත්‍යවරයා නිවේදනය කර සිටී.

    ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරන නත්තල් දිනය ලබන 25 වෙනිදාට යෙදී තිබේ.

    එමෙන්ම නව වසර උදාවන ජනවාරි 01 වැනිදා ද විදුලි කප්පාදුවක් සිදු නොවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.