fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රේගුවෙන් රාජසන්තක වාහන පොලීසියට

    රේගුවෙන් රාජසන්තක වාහන පොලීසියට

    රේගුව මගින් රාජසන්තක කරන ලද රථවාහන පොලීසියට ප්‍රදානය කිරීමට පියවර ගැනේ.

    ඒ මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැටලීම සඳහා භාවිත කිරීමට ය.

    දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (20) එක් විය.

    නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර හතක් පමණ තිස්සෙ දිරා යමින් පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බව සියඹලාපිටිය මහතා එහි දී පැවැසීය.

    “අපි දන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම ශීඝ්‍රයෙන් පැතිර යන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සෑම වැටලීමක් සඳහා ම පොලිස් දෙපාර්තමේන්තුව සතුව තියෙන්නෙ වාහන 12,000ක විතර ප්‍රමාණයක්. ඉන් අඩක් පමණ වසර 20කට වඩා පැරැණියි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා මේ වාහන ප්‍රමාණවත් නෑ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රථවාහන ලබා දීම සිදු කෙරෙනවා. ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.