උතුරු පළාතේ හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කරමින් දැන් දිවයින පුරා එම මස් වර්ග ප්රවාරහනයට අවසර දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල පසුගිය 08/09 වැනි දිනයන්හිදී ගවයින් කම්පනයට ලක්ව මියයාමට හේතුවූ ශීත කාලගුණය දැන් පහව ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
රසායනාගාර පරීක්ෂණ මගින් මෙම සතුන්ගේ මරණ කිසිදු වසංගතයක් නිසා සිදුවූවක් නොවන බව තහවුරු විය.
මෙම සිදුවීමෙන් එම පළාත්වල ගවයන් සහ එළුවන් 1600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබූ බැවින් මහජන ආරක්ෂාව තකා රටපුරා දිස්ත්‍රික් අතර එළුමස් සහ ගවමස් ප්‍රවාහනය වහා නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කළේය.
පසුව සතියක කාලයක් ගව ඝාතකාගාර සහ මස් කඩ (කුකුළු මස් හැර) වසා දැමීමට ද පියවර ගැනුණි.
රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල පැමිණි පසුව සෙසු පළාත්වල ගව හා එළු මස් ප්රවාහයට අවසර දීමට පසුගියදා පියවර ගෙන තිබුණි.
මේ වනවිට නැගෙනහිර පළාතේ ගව ඝාතකාගාර සහ මස් කඩ ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය.