fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රන් සම්මානයක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රන් සම්මානයක්

    ජාතික ඵලදායීතා සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ – අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ රන් සම්මානය තෙවන වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.

    මෙවර 2020 ජාතික ඵලදායිතා රන් සම්මානය දිනාගනිමින් අඛණ්ඩව තෙවරක් රන් සම්මානය දිනාගැනීම සමත් වු රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතිහාස ගතවනු ඇත.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව මීට පෙර රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ 2015 සහ 2018 වසර දෙකේදී ය.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPS) විසින් “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” සංවිධානය කරනු ලබයි.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදි එම උළෙල පැවැත්විණ.

    මෙම තරඟාවලිය තුලින් ඵලදායිතා සංකල්ප සාර්ථක වු ආයතනවල ආයතන හඳුනා ගැනීමත් වඩාත් ඵලදායී සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවන් නිර්මාණය කිරීම සහ ජාතියේ සමස්ත ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණ කරගනිමින් මෙම තරගය සංවිධානය කරනු ලබයි.

    මෙම ඵලදායිතා රන් සම්මානය ජයග්‍රහණය කිරීම සදහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිර්නායකයන්ට අනූව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ විශේෂඥ කණ්ඩායමකගේ සියුම් අධීක්ෂණයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණු, පර්යේෂණ, සංවර්ධන සහ සුභසාධන යන ක්ෂේත්‍රයන් ලක්විය .

    ගුවන් හමුදාව එම ක්ෂේත්‍රයන්හි ඵලදායිතා සංකල්පය ඉතා ඉහල මට්ටමක පවත්වා ගැනීම හේතුවෙන් මෙම රන් සම්මානය දිනාගැනීමට සමත්විය.

    මෙම සම්මාන උළෙළ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, විධායක තත්ත්වා නීර්ණ නිරීක්ෂක නිලධාරී එයාර් කොමදෝරු මුදිත මහවත්තගේ ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගිවිය.

    දිනාගනු ලැබූ ඵලදායිතා රන් සම්මානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ වෙත විධායක තත්ත්වය නීර්ණ නිරීක්ෂක නිලධාරී එයාර් කොමදෝරු මුදිත මහවත්තගේ විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් පිළිගන්වන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.