fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගිනි ගාණට බඩු විකුණන මුදලාලිලාට වැඩ වරදී

    ගිනි ගාණට බඩු විකුණන මුදලාලිලාට වැඩ වරදී

    උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ භාණ්ඩ සඟවන වෙළෙඳුන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එහි සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය මට්ටමින් පාරිභෝගික සේවා නිලධාරීන් වෙළෙඳසැල් හිමියන් දැනුවත් කිරීම, භාණ්ඩ අලෙවිය සහ සැඟ වූ තොග ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බවයි.

    ලබන සතියේ සිට මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. සභාපති ඇතුලු සියලුම නිලධාරීන් මෙතෙක් මොනවද කලේ? කඩවල් ගානේ ගිහින් අත් දික් කරන්න නෙතුව පරික්ෂා කරන්න. පාරිභෝගිකයන් පිලිවෙල වෙයි. මේම ජරාව සල්ලිවලින් පවුල්වල සමාජිකයන්ට කන්න බොන්න දෙන්නේ! වේලක් ගන්න නෙතුව කිහිපදෙනෙක් ඉන්නවාද? බත් පතක් කනකොට ඉතන්න.

    Leave a Reply to Perumal GnanapragasomCancel reply