තිළිණි ප්‍රියමාලිගේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවට ආධාර හා අනුබලදීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර සිටි බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාරට අධිකරණයෙන් අද ඇප නියම වී තිබේ.
තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.