fbpx
තවත්
    මුල් පිටුවspecialජාවා භූකම්පනයෙන් මියගිය ගණන 160 පනී - තුවාල ලැබූ සියගණන් මහපාරේ

    ජාවා භූකම්පනයෙන් මියගිය ගණන 160 පනී – තුවාල ලැබූ සියගණන් මහපාරේ

    ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපතක් වන ජාවා දූපතේ ඇති වූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 162 දෙනෙකුවත් මියගොස් 326කට වැඩි ගණනක් තුවාල ලබා ඇති බව එරට බලධාරීහු තහවුරු කර තිබේ.

    අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ දත්තවලට අනුව බටහිර ජාවා හි සියන්ජුර් නගරයේ කිලෝමීටර් 10 (සැතපුම් හයක්) ගැඹුරකදී රිච්ටර් මාපක 5.6 ක ප්‍රබලත්වයකින් භූමිකම්පාව ඇති විය.

    විශාල පිරිසක් රෝහලට ගෙන ගිය අතර බොහෝ දෙනෙක් රෝහල්වලට පිටතදී ද ප්‍රතිකාර කළහ.

    භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිරවී ඇතැයි සිතිය හැකි අනෙක් අය බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් වෙහෙසෙමින් සිටී.

    භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ හා නායයෑම්වලට ගොදුරු වන කලාපයක් වන අතර දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස ඇති ප්‍රදේශයක් වේ. මේ වනවිට ප්‍රදේශයේ බොහෝ ස්ථාන සුන්බුන් බවට පත්ව ඇත.

    බටහිර ජාවා බලධාරියකු වැඩිදුරටත් පැවසුවේ, 13,000 කට වැඩි පිරිසක් ආපදාවෙන් අවතැන් වී ඇති බවත්, භූමිකම්පාවෙන් නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත් ය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.