fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකා-චීන රාජ්‍ය නායකයින් අතර විරල සාකච්ඡාවක්

    ඇමරිකා-චීන රාජ්‍ය නායකයින් අතර විරල සාකච්ඡාවක්

    ඇමරිකා එක්සත් ජනපද ජානාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික සාකච්ඡාවක් අද දින පැවැත්විනි.

    ඉන්දුනීසියාවේ බාලි දූපතේ අධි සුඛෝපභොගී හෝටලයක දෙරටේ නායකයින් හමුවිය. ‍මෙම හමුව ජී 20 රාජ්‍ය නායකයින්ගේ හමුවට පෙර මෙම සාකච්ඡාව පැවතීම සුවිශේෂීත්වයකි.
    දෙරටේ නායකින් විසින් ඉතා සිනාමුසු මුහුණින් එකිනෙකාට අතට අත දී සාකච්ඡාව ආරම්භ කළ අතර එහ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් පැය තුනකට ආසන්න කාලයක් දක්වා පැවැතීම සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබිණි.

    ජෝ බයිඩන් ඇමරිකා එක්සත් ජනපද ජනාධිතිධුරයට පත්වීමෙන් පසුව චීන ජනාධිපතිවරයා හමුවූ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක් විය.

    මෙහිදී එක්සත් ජනපද නායක බයිඩන් විසින් චීන ජනාධිපති ජින්පින් වෙත ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ දෙරට විසින් කිසිම අවස්ථාවක තම බලය වර්ධනය කරගැනීමේ උත්සහය ගැටුමක් බවට පත් නොකර ගත යුතු බවයි.
    ඉතා සුහදශීලව සාකච්ඡා ආරම්භ වුවද එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ක්‍රමානුකූලව බැරෑරුම් මාතෘකා සාකච්ඡා කිරීමට අරම්භ කළ බව ධවල මන්දිරය අනාවරණය කරයි. එහිදී බයිඩන් පෙන්වා දෙනු ලැබ ඇත්තේ චීනය විසින් තායිවානය කෙරෙහි දක්වන ආක්‍රමණශීල ක්‍රියාමාර්ග, බීජි පාලනය විසින් අනුගමනය කරන ආර්ථික භාවිතයන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය විරෝධය පළකරන බවයි.
    මේ අතර චීනය ෂිංනියැන්ග් හී චීන කටයුතු කරන ආකාරයත් ටිබෙටයේ සහ හොංකොන් හී මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද බයිඩන් ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර ඇති බවට ධවල මණ්දිරිය අනාවරණය කරයි.

    කෙසේවෙතත් එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ට ප්‍රතිචාර දක්වමින් චීන ජනාධිපති ජින්පින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සම්බන්ධතාවයන් ගෝලීය අපේක්ෂාවන් සපුරාලීමක් සිදු නොකරන බවයි.

    “එබැවින් අපි චීන-එක්සත් ජනපද සබඳතාව සඳහා නිවැරදි මාර්ගය ප්‍රස්ථාරගත කළ යුතුයි. ද්විපාර්ශ්වික සබඳතාව ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දිශානතිය සොයා ගත යුතු අතර සබඳතා ඉහළ නංවා ගත යුතුයි,” චීන ජනාධිතිවරයා පවසා තිබේ.

    “චීනය සහ එක්සත් ජනපදය මෙම සම්බන්ධතාවය නිසියාකාරව හසුරුවනු ඇතැයි ලෝකය අපේක්ෂා කරනවා,” යනුවෙන්ද චීන ජනාධිපතිවරයා පැවසූ අතර දෙරට අතර සම්බන්ධතා නිවැරිදි මාර්ගයට ගෙන ඒමට එක්සත් ජනපද ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.