fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙලිඅත්ත ඕ.අයි.සී.ව පට්ටම ගලවා මහනුවරට විසිකරයි

    බෙලිඅත්ත ඕ.අයි.සී.ව පට්ටම ගලවා මහනුවරට විසිකරයි

    බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.අයි.බී.විජේරත්ක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය රාජකාරි සඳහා මහනුවර පොලිස් කොට්ඨාශයට මාරුකර යවා ඇත.

    ඊට අදාල පොලිස් නියෝගය පොලිස්පතිවරයා විසින් අද (11) නිකුත්කරනු ලැබීය.

    නීති විරෝධිව රජයේ අරක්කු අලෙවි කරන ස්ථානයක් වැටලීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුට බැන වැදීමක් සම්බන්ධයෙන් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව පැවති මූලික විමර්ශන වාර්තාවක් පදනම්කරගෙන මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.

    පොලිස් ස්ථානාධිපතියරයා උරණ වන්නේ පොලිස් සැරයන් මුණසිංහ (52660) නැමැති නිලධාරියා විසින් බෙලිඅත්තේ නීති විරෝධිව මත්පැන් අලෙවි කිරීමේ ස්ථානයක් වැටලීමක් සම්බන්ධයෙනි. පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම වැටලීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයාට දොස් නගන හඩ පටයක්ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

    එම හඩ පටයේ පැහැදිලිවම සඳහන්ව තිබුණේ තමා කියන අයුරින් වැඩ කරන්න බැරිනම් ඈතකට ස්ථාන මාරුකරන බවට ස්ථානාධිපතිවරයා විසින් සැරයන්වරයාට කරන තර්ජනයකි. එම හඩ පටය එළියට ඒමත් සමග එහි සඳහන්ව ඇති ආකාරයටම සැරයන්වරයාවද පසුගිය 30 වෙනිදා මොණරාගලට ස්ථාන මාරුකර තිබීණි.

    “හතර වටෙන්ම මට මේකට කථාකරනවා“ යැයිද එම හඩ පටයේ පොලිස් ස්ථානාධිපතිවරයා පවසනු පැහැදිලිවම ඇසෙන්නට ඇති අතර අරක්කු වැටලීම් නොකරන ලෙසට ඉහළින් නියෝග පවා නිකුත් කර ඇති බව ද එහි සඳහන් විය.

    තමා පොලිස් ස්ථානාධිපතිධූරයට පත්කරනු ලැබුවේ කවුරුන්දැයි දේශපාලනඥයන් දෙදෙනෙකුගේ නම්ද එහිදී කියන පොලිස් ස්ථානාධිපතිවරයා පවසනු එම හඩ පටයේ පැහැදිලිවම සඳහන්ය. ඒ නිසා තමාව එම පොලිස් ස්ථානයෙන් මාරුකරන්නට වෙන කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් ලඟදීම තමා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීමක් ලබන බවත් එම හඩපටයේ සඳහන්වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.