fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොර නැවක් ලබන සතියේ එයි

    පොහොර නැවක් ලබන සතියේ එයි

    ලබන සතියේ යූරියා පොහොර නෞකාවක් මෙරටට ළඟා වේ.

    පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා මේ බව සඳහන් කළේය.

    මැලේසියාවේ සිට රැගෙන එන අදාළ නෞකාවේ යුරියා මෙට්‍රික් ටොන් 22,000 ක් අන්තර්ගත ය.

    එම පොහොර මහ කන්නයේ වී වගාව සඳහා ගොවින්ට බෙදා දිමට නියමිත බව හෙතම පැවසීය.

    මීට පෙර ද යුරියා මෙට්‍රික් ටොන් 13,000 ක් මෙරටට රැගෙනවිත් තිබේ.

    එම පොහොර මේ වන විට මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට බෙදා දී ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.