fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාල සිද්ධිය ගැන ජනපතිගෙන් නියෝගයක්

    යාල සිද්ධිය ගැන ජනපතිගෙන් නියෝගයක්

    යාල වනෝද්‍යානයේ සතුන්ට හිංසාවන පරිදි වාහන පැදවීමේ සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට දී තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද(26) එක්වෙමින් මේ බව කීය.

    දේශපාලන බලපෑමකින් තොරව එම විමර්ෂණ සිදු කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

    මේ අතර එම සිදුවීම පාලනය කිරීමට මැදිහත් නොවූ අදාළ නිලධාරීන් පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරේ.

    වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරීමය වගකීම පැහැරහැරීම හා ඔවුන් විසින් එම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා අදාළ කමිටුව පත්කිරීමටයි.

    ජිප් රථ 35ක් පමණ යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසා වන පරිදි පැදවූ බවට මෙම පිරිසට චෝදනා එල්ල වූ අතර ඔවුන් ගමන් කළ ආකාරය දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජය තුළ ව්වේචනයට එල්ල වී තිබේ.

    එම පිරිස අතර කැබිනට් ඇමති පුතුන් ද සිටි බවට ඇතැම් වාර්තා පළ කර තිබිණ.

    කෙසේවෙතත් වනෝද්‍යාන නීති උල්ලංඝනය කරමින් සිටි මොවුන් අතරින් පුද්ගලයින් 6 දෙනෙකු වනජීවී නිලධාරීන් වෙත භාරවී තිබෙන බවද වාර්තා විය.

    අද (26දා) එම පිරිස එම ගමනට යොදාගත් වාහන හතක් සමඟ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද පැවසේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.