fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බංග්ලාදේශයේ ණය ගෙවන දිනය ගැන ශ්‍රී ලංකාව සහතික වෙයි

    බංග්ලාදේශයේ ණය ගෙවන දිනය ගැන ශ්‍රී ලංකාව සහතික වෙයි

    බංග්ලාදේශයෙන් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200 ක ණය මුදල ශ්‍රී ලංකාව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී ආපසු ගෙවීම ආරම්භ කරනු ඇති බව බංග්ලාදේශ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් මහතා පවසයි.

    නියමිත කාලසීමාවේදී එම ණය මුදල් ආපසු ගෙවන බවට ශ්‍රී ලංකාව සහතික වූ බව බංග්ලාදේශ මහබැංකු අධිපතිවරයා කියාසිටියේ මෙරට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ය.

    2023 මාර්තු වන විට ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවනු ඇතැයි බංග්ලාදේශය බලාපොරොත්තු වන බවට පසුගියදා වාර්තා පළවිය.

    මාධ්‍යවේදීන් අමතමින් තලුක්ඩර් පවසා තිබුණේ, “අපි [බංග්ලාදේශය] මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට නියමිත වේලාවට මුදල් ආපසු ලබා දීමට නොහැකි වුණා. ආර්ථික අර්බුදය හමුවේ, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත බංග්ලාදේශය ආපසු ගෙවීමේ කාලසීමාව දෙවරක් දීර්ඝ කළා. ශ්‍රී ලංකාව එය වාරික තුනකින් 2023 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ආපසු ලබා දීමට නියමිතයි.” යනුවෙන් තලුක්දර් සඳහන් කළේය.

    අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි බදාදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති පී නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව බංග්ලාදේශ මහබැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.’

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.