fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුඹලියද්දේ පස්කන්දට යටවූවන් සොයා හමුදාවේ 75ක් මෙහෙයුමක (📹)

    තුඹලියද්දේ පස්කන්දට යටවූවන් සොයා හමුදාවේ 75ක් මෙහෙයුමක (📹)

    අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිරවී සිටි නිවසක පුද්ගලයින් සිව්දෙනෙකු මුදා ගැනීම සඳහා යුද හමුද‍ාවේ සෙබළුන් 75කට අධික පිරිසක් අද සවස වනවිට දැවැන්ත සෝදිසි සහ මුදා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිති.

    පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් සිදුවූ මෙම නායයාමෙන් නිවසේ සුන්බුන් අතර සිටි එම පවුලේ පියා මුදාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇත.

    අනෙක් අයවළුන් ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.


    නිළධාරීන් ඇතුළු යුධ හමුදා සාමාජිකයින් 75 කට අධික පිරිසක් දිවි ගලවා ගත් අනෙකුත් පුද්ගලයින් සොයා පොළොව පිරිසිදු කිරීමේ කාර්යයේ නිරතව සිටින නමුත් ධාරානිපාත වර්ෂාව සහ ගලා යන ජලය අඛණ්ඩ මෙහෙයුම් වලට විශාල අභියෝගයක් වී තිබේ.

    යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (SFHQ-බටහිර) 61 වන සේනාංකය යටතේ ඇති 611 බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු (SLSR) භට පිරිස් මෙම මෙහෙයුමේ නිරතව සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.