fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාව සමඟ සාකච්ඡාවට රුසියාව එකඟයි

    ඇමරිකාව සමඟ සාකච්ඡාවට රුසියාව එකඟයි

    රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් අද පස්වරුවේ කියා සිටියේ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ සාකච්ඡා කිරීමට මොස්කව් සුදානම් වුවද සාකච්ඡා කිරීමට කිසිදු යෝජනාවක් තවමත් ලැබී නොමැති බවයි.

    රාජ්‍ය රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන් රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව් පැවසුවේ රුසියාව එක්සත් ජනපදය සමඟ හෝ තුර්කිය සමඟ යුද්ධය අවසන් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට ගතවූ මාස අටක කාලය තුලදීම සූදානම්ව සිටි බවයි.

    මෙහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා සිටියේ එකසත් ජනපදයෙන් තවමත් නිසි සාකච්ඡාවක් සම්බන්ධයෙන් යෝජනාවක් ලැබී නොමැති බවයි. එක්සත් ජනපදයෙන් නිසි යෝජනා මාලාවක් සමඟ සාකච්ඡාවකට පැමිණෙන්නේ නම් ඒ සඳහා රුසියාව සූදානමින් සිටින බවයි.

    මෙම සාකච්ඡාවන් තුර්කයේ පැවැතිය හැකි බවට පළවන අදහස් වලට යම් එකඟතායක් පළකරමින් අමාත්‍ය ලැව්රෝව් ප්‍රකාශ කළ් මොස්කව් පාලනය විසින් ඕනෑම් යෝජනාවකට සවන් දීමට කැමැත්තෙන් සිටින නමුත් එහි අවසන් ප්‍රතිඵල සම්බන්ධයෙන් තවම අදහස් දැක්වීම නොහැකි බවයි.

    රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම් මේවන විට දරුණු අතට හැරී අතර ඊයේ රුසියාව විසින් යුක්‍රේන අගනුවරට දරුණු මිසයල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතරම රුසියානු ජනාධිපතිවරයා විසින් තමන් අවශ්‍ය වුවහොත් සිය න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට පසුබට නොවන බවද අවස්ථා කීපයකදීම අවාධාරණය කෙරිණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.