fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ විභාගය ගැන අනුරගේ ඉල්ලීමට ඇමති දීපු උත්තරේ

    උසස් පෙළ විභාගය ගැන අනුරගේ ඉල්ලීමට ඇමති දීපු උත්තරේ

    මෙවර උසස් පෙළ විභාගය සඳහා 2 සහ 3 වැනි වර පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති වීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    මන්ත්‍රීවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර අද සාකච්ඡාවක් පවත්වා ඇත.

    මේ පිළිබඳව අවධානය යොමු කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ අතර ඒ පිළිබඳව අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.