fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල තෙල් ගෙනැත් ගසා කෑ මුදල ඩොලර් මි.100ට වැඩියි

    බාල තෙල් ගෙනැත් ගසා කෑ මුදල ඩොලර් මි.100ට වැඩියි

    ඉකුත් සමයේදී ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ඊට අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට (රුපියල් කෝටි 3600) කට වැඩි මුදලක් උපයාගෙන ඇති බවට තොරතුරු ඇතැයි  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    වත්මන් බලශක්ති අමාත්‍යවරයා පත්වීමෙන් පසු ඉන්ධන ගෙන්වීම සඳහා අලුතින් සමාගමක් ලියාපදිංචි කර ඒ හරහා ටෙන්ඩර් පටිපාටි පවා උල්ලංඝනය කරමින් ඉන්ධන ගෙන්වීම සිදුවන බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

    ජනතාව ඩොලර් සහ ඉන්ධන නොමැතිකමින් පීඩා විඳිද්දී ඉන්ධන අඩු මිලට ගත හැකි සමාගම් වෙනුවට වැඩි මිලට ප්‍රමිතියෙන් අඩු බොර තෙල් මිලදීගැනීම හේතුවෙන් මේ වන විටත් අර්බුදයක් ඇතිවී ඇතැයි කී දයාසිරි ජයසේකර මහතා ඉදිරියේදී එක්ස්පෝ නම් කාබන් ප්‍රතිශතය වැඩි දැවි තෙල් වර්ගයක් ගෙන්වීමට යන බවද අණාවරණය කළේය.

    එහි ඇති කාබන් නිසා පිරිපහදුවේ උත්ප්‍රේරක කුටි සම්පූර්ණයෙන් විනාශවීමේ අවදානමක් ඇති බවත් ඔහු කීය.

    ශ්‍රී.ල.නි.ප මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.