fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලබන වසරේ අයවැය මේ මාසේ මැතිසබේට

    ලබන වසරේ අයවැය මේ මාසේ මැතිසබේට

    2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කරන ලදී.

    2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීම පිණිස පසුගිය 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

    ඒ අනුව, එක් එක් වැය ශීර්ෂය සඳහා වන කෙටුම්පත් අය වැය ඇස්තමේන්තු ඇතුළත්ව සකස් කරන ලද 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී.

    2023 වර්ෂය සඳහා වන මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වශයෙන් හා මුළු මූල ධන වියදම රුපියල් බිලියන 3,245 ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.