fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය මගීන්ට සුබ ආරංචි ‍රැසක්

    දුම්රිය මගීන්ට සුබ ආරංචි ‍රැසක්

    කාර්යාල දුම්රිය, සති අන්තයේදී සුඛෝපභෝගී සංචාරක දුම්රිය බවට පත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අනුරාධපුරය සහ අටමස්ථානය වැඳපුදා ගැනීම සඳහා ඉදිරි සතියේදී අනුරාධපුර දක්වා දෙදින සංචාරක දුම්රියක් ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

    බෙලිඅත්ත සහ කතරගම දක්වා ධාවනය වන සුඛෝපභෝගී දුම්රියක්ද ඉදිරියේදී ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී ඒම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

    සංවර්ධන ව්‍යාපෘති සිදුකළ මහා පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සඳහා බැඳුම්කර ගිවිසුමක් නිකුත් කරන බව

    පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් වෙත විශාල මුදලක් එකවර ගෙවීම අපහසු බැවින් වසර දහයක වලංගු කාලයක් සහිත ගිවිසුමක් ඒ් අනුව ඔවුන් වෙත ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

    රජය නිකුත් කළ මෙම ගිවිසුම් පත්‍රය සඳහා කොන්ත්‍රාත්කරුවන් වෙත පොළී මුදලක් හිමිවන බව කී අමාත්‍යවරයා ඔවුන්ට එම ගිවිසුම් පත්‍රය බැංකුවට ඉදිරිපත්කර අවශ්‍ය මුදල් ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාවක් පවතින බවද කීවේය.

    ඇණහිට ඇති සංවර්ධන ව්‍යාපෘති ලබන වර්ෂයේදී යළි ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.