fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙක් ගිනිඅවියක් සමඟ අල්ලයි

    හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙක් ගිනිඅවියක් සමඟ අල්ලයි

    යම් අපරාධයකට සූදානමින් ඇහැලියගොඩ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට රැදී සිටි යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙකුව මීලිමීමටර් 09 වර්ගයේ පිස්තෝලයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීමකර ඇත.

    ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ මෙම ගිනි අවිය අවිස්සාවේල්ල නුගේවත්ත ප්‍රදේශයේ ඇති පාලමක් යට තිබී තමාට හමුවූ බවය.

    වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව ඇහැලියගොඩ පොලීසියට භාරදී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.