fbpx
තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්දේශපාලනයයුක්‍රේනයෙන් 15%ක් රුසියාවට අයත්වෙයි

    යුක්‍රේනයෙන් 15%ක් රුසියාවට අයත්වෙයි

    රුසියාව විසින් යුක්රේනයේ කලාප හතරක් ඊයේ (30) පස්වරුවේ තමන්ට අයත් භූමි ප්‍රදේශ බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    මෙම යුක්‍රේන ප්‍රදේශ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමින් ඊට අදාල ලියවිලි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මොස්කව් හී ක්‍රෙම්ලින් මාලිගයේදි ශාන්ත ජෝර්ජ් ශාලාවේදී අත්සන් කරනු කරනු ලැබීය.

    ඒ අනුව අදාල ලියවිලි අත්සන් කිරීමත් සමඟ මෙතෙක් යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයන් වූ ඩොනෙට්ස්ක් ලුහාන්ස්ක් මහජන කර්සන් සහ සැපෝරිෂියා රුසියාව විසින් ඉදිරියේදී පාලනය කරනු ඇත.

    මෙම අවස්ථාවට දැඩි උත්සවාකාරයෙන් පැවැත්වූ අතර එහිදී රුසියාන ජනාධිපතිවරයා කලකට පසු දැඩි සතුටින් සිටින අයුරුද දැක ගැනීමටද හැකියාව ලැබිණි.

    මෙම අත්පත් කරගත් ප්‍රදේශ වල රුසියානු බස කතා කරන විශාල පිරිසක් ජීවත්වන අතර රුසියාව විසින් පසුගිය කාලය පුරාවටම කියා සිටියේ එම ජනයාට යුක්‍රේනය රජයෙන් දැඩි ආසාධාරණයන්ට මුහුණ දීමට සිදුවන බවයි.

    ඒ අනුව මේවන විට රුසියාව විසින් යුක්‍රේනයට අයත් භූමියෙන් සියයට 15ක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇති අතර මෙම භූමි අත්පත් කරගැනීම දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම භූමි අත්පත් කරගැනීම බවටද පත්වේ.

    රුසියාව විසින් ඊයේ මෙම උත්සවය පැවැත්වීමත් සමඟම බටහිර රටවල් සහ යුක්‍රේනය විසින් මෙම ක්‍රියාව නීති විරෝධී බවට ප්‍රකාශ කළ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව නව ආර්ථික සම්බාධක පැනවීමටද පියවර ගෙන තිබිණි.

    මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ තම රට නේටෝ සංවිධානයට එක්වීමට කඩිනමින් ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇති බවත් ව්ලැදිමීර් පුටින් රුසියාවේ ජනාධිපතිව සිටින තෙක් තමන් රුසියාව සමඟ සාම සාකච්ඡා නොපවත්වන බවත්ය.

    මේ අතර රුසියානු ජනාධිති ව්ලැදිමීර් පුටින් විසින් ජනාධිපති ධූරයට පත්වූ පසු කළ වාඩාත්ම ප්‍රබල කතාව ඊයේ දිනයේ සිදු කළ බවට බොහෝ බටහිර මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ "වඩා ඓතිහාසික රුසියාවක්" උදේසා තමන් සටන් කරන බවයි. එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යන් දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

    මෙහිදී ජනාධිපති පුටින් විසින් පසුගියදා රුසියාවේ සිට යුරෝපයට ගැස් සැපයීම කරනු ලබන නෝර්ඩ් ස්ට්‍රීම් නල පද්ධතිය පුපුරුවා හැරීම එක්සත් ජනපදය සහ එරටට සහය දක්වන පිරිස විසින් සිදුකරන ලද්දක් බවටද චෝදනා කරනු ලැබීය.

    නමුත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ "මේ නල පද්ධතිය පුපුරවා හැරීම හිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. දැන් රුසියානුවන් ඒ ගැන වැරදි තොරතුරු පතුරවමින් සිටිනවා." යනුවෙනි.

    එහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වොෂින්ටනය සහ එහි සහ මිත්‍ර රටවල් එක්ව මෙම නල පද්ධතියට සිදු වූයේ කුමක්දැයි දේ සොයා ගැනීමට කිමිදුම්කරුවන් පිටත් කර යවන බවයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.