fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජසන්තක විය යුතු කෝටි 100ක මැණික් මල්ලකට ලොක්කෙක් කරන්න යන දේ..

    රාජසන්තක විය යුතු කෝටි 100ක මැණික් මල්ලකට ලොක්කෙක් කරන්න යන දේ..

    වංචා සහගත ලෙස විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කරමින් තිබියදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට ගෙන රාජසන්තක කිරීමට නියමිත රුපියල් කෝටි 100ක පමණ වටිනාකමකින් යුත් මැණික් මල්ලක් නිදහස් කිරීමට එම අධිකාරියේ ඉහළ නිලධාරියෙකු කටයුතු කරමින් තිබෙන බවට එහි සේවකයෝ චෝදනා කරති.

    එක්තරා පෞද්ගලික සමාගමක් අඩු තක්සේරුවක් පෙන්වා විශාල වටිනාකමකින් යුත් මැණික් ගණනාවක් විදේශ රටකට ගෙන යාමට උත්සහ කර ඇති අතර එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම මැණික් මල්ල සිය බාරයට ගෙන තිබේ.

    එලෙස භාරයට ගත් මැණික් මල්ල වහා රාජසන්තක කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර ඒ සඳහා අධිකාරියට නීතිමය බලයක් තිබෙන නමුත් එලෙස රාජසන්තක නොකර මාස තුනක් තිස්සේ එහි ඉහළ නිළධාරියෙකු කල් මරමින් සිටින බව ද සේවකයෝ කියති.

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි බහුතරය මැණික් මල්ල රාජ සන්තක කළ යුතු බවට ස්තිර නිගමනයක සිටින නමුත් ඉහළ නිලධාරියකු ඊට බාධා කරමින් සිටින බවද පැවසේ.

    අඩු තක්සේරුවක් පෙන්නා වංචා සහගත ලෙස මැණික් විදේශ රටවලට රැගෙන යාම ඇතමුන්ගේ ජාවාරමක් බවට පත්ව ඇති අතර එලෙස රැගෙන යන මැණික් විදේශ රටවලදී අලෙවි කර එම මුදල් විදේශ බැංකුවල තැන්පත් කිරීමටත් උණ්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙන ඒමටත් ඔවුන් කටයුතු කරමින් සිටින බවද පැවසේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.