fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තොටලග කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80ක් විනාශයි - පවුල් 80ක් අවතැන්

    තොටලග කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80ක් විනාශයි – පවුල් 80ක් අවතැන්

    තොටලග කජීමා වත්තේ තාවකාලිකව ඉදිකර තිබුණු පැල්පත් සහ නිවාස 80 ක් ඊයේ රාත්‍රීයේ හටගත් ගින්නෙන් විනාශ වී ඇති බව පොලීසිය කියයි.

    මේ හේතුව නිසා පවුල් 80 ක පුද්ගලයින් 220ක් අවනැන්ව සිටින බවත් ඒ අය කැලණි නදි විහාරය සහ මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලිකව නවතා ඇති බවත් ග්‍රෑන්පාස් පොලීසිය සඳහන් කරයි.

    මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වා අද විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.