fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බලගැන්වීම ගැන සාකච්ඡාවක්

    සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බලගැන්වීම ගැන සාකච්ඡාවක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා හමුවිය.

    2018 වසරේ දී සිංගප්පූරුව සමඟ ඇතිකර ගත් නිදහස් වෙළඳ ගිවිසුම නැවත බලාත්මක කිරීම තම ප්‍රමුඛතාවය බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

    එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළ කළ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ සිංගප්පූරුව යළිත් වරක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන බවයි.

    ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සංවත්සරයට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.