fbpx
තවත්
    මුල් පිටුවspecialබිරින්ඳන්ට සහ මව්වරුන්ටත් දැන් 'විශ්ව රූ රැජිණ' තරඟය විවෘතයි

    බිරින්ඳන්ට සහ මව්වරුන්ටත් දැන් ‘විශ්ව රූ රැජිණ’ තරඟය විවෘතයි

    විශ්ව රූ රැජින තරඟයට ඉදිරියේදී මව්වරුන්ට සහ විවාහක භාර්යාවන්ට සහභාගී වීමට ඉඩ ලබා දෙන බව එම සංවිධානයේ සභාපති පෝලා ෂුගාර්ට් තහවුරු කර තිබේ.

    වසර 70කට වැඩි ඉතිහාසයක් තුළ අඛණ්ඩව පවත්වන ලද විශ්ව රූ රැජින සංවිධානය තරගයට සහභාගි වීමට මීට පෙර අවසර තිබුණේ වයස අවුරුදු 18ත් 28ත් අතර තනිකඩ කාන්තාවන්ට පමණි.

    ඊට තරඟ කිරීමට ‘කවදාවත් විවාහ වී නොතිබිය යුතුය, විවාහය අවලංගු කර නොතිබිය යුතුය, හෝ දරුවෙකු බිහි නොකළ යුතුය, හෝ මවක නොවිය යුතුය’ යනුවෙන් කොන්දේසි පනවා තිබුණි.

    මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, සභාපතිවරිය විසින් තරඟාවලියේ සිදු කරන ඉදිරි වෙනස්කම් ගැන කතා කළේ මෙසේය.

    “අපට එම කාර්යය හැසිරවිය හැකි යැයි යමෙකුට හැඟේ නම් අපි තරඟ කිරීමෙන් වළක්වන ස්ථාවරයක සිටීමට අපට අවශ්‍ය නොවේ. පවුලක් තිබුණත් නැතත් විශ්ව රූ රැජිනක් විදියට ඒ කාර්යය සාර්ථකව කරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕන.” ඇය කීවාය.

    මෙවර පැවැත්වෙන විශ්ව රූ රැජින-2022 තරඟය එහි 71 වන වතාවට පැවැත්වෙන තරගාවලියයි.

    2023 ජනවාරියේදී විශ්ව රූ රැජිණ කිරුළ පැළඳීමට නියමිත ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.