fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්හෙට දවසේ සුපිරි සාප්පු සවාරි අත්දැකීම රැගෙන සොෆ්ට්ලොජික් ODEL Mall මහනුවරට

    හෙට දවසේ සුපිරි සාප්පු සවාරි අත්දැකීම රැගෙන සොෆ්ට්ලොජික් ODEL Mall මහනුවරට

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙතින් සිය නවතම සාප්පු සංකීර්ණය ‘ODEL Mall Kandy’ අද විවෘත කර තිබේ.

    ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකරය මධ්‍යයේ පිහිටා ඇති මහනුවර නගරයේ වර්ග අඩි 91,414කින් යුත් පුළුල් වපසරියක පිහිටි ඔඩෙල් සාප්පු සංකීර්ණය, එහි ජනතාවගේ ඉල්ලුමට සරිලන අති නවීන මෙන්ම ඔවුන්ගේ ජීවන රටාවට සරිලනම සාප්පු සවාරි ගමනාන්තය වීමට සූදානම්ව සිටී.

    මෙම නවීන සුපිරි සාප්පු සවාරි අත්දැකීම විඳගැනීමට මහනුවර පේරාදෙණිය පාරේ සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ අංක 377 දරන ස්ථානයේ පිහිටා ඇති ODEL සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන ඔබට එහිදී සොෆ්ට්ලොජික් හි වඩාත් කීර්තිමත් සන්නාම වන ඔඩෙල් (ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් ලෙස දේශීයව සහ ජාත්‍යන්තර කීර්තියට පාත්‍රවූ) , Baskin Robbins (ලොව පුරා රටවල් 50කට වැඩි ගණනක ක්‍රියාත්මක වන ලොව විශාලතම සුවිශේෂි අයිස්ක්‍රීම් දාමය), GLOMARK (මෙරට නවීන සිල්ලර වෙළඳ ‍වෙළඳාමේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආශ්වාදජනක ගෝලීය වෙළඳපොළ), POPEYES (ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රමුඛතම ක්ෂණික ආහාර දාමය) සන්නාමවල භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

    වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙන සන්නාම දෙකක් වනGLOMARK සහ POPEYES මහනුවරදී එකම සුපිරි සාප්පු සංකීර්ණයකදී ඔබට හමුවන්නේ ප්‍රථම වතාවටයි. GLOMARK සුපිරි වෙළඳසැල ඔබේ නිවසට අවශ්‍ය දේශීය සහ විදේශීය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රාශියක් මෙන්ම ඔබේ සියලු පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් සමඟින් සමන්විතය.

    POPEYE’s at ODEL Mall Kandy

    මෙම අවස්ථාවට එක්වෙමින් සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්ස්හි සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ, “ODEL Mall Kandy අභිනවයෙයන් දියත් කිරීම පිළිබඳව අපි අතිශයින් සතුටට පත්වෙනවා. ඒ සමඟින් අපි අපගේ වඩාත්මසුපතළ සන්නාම කිහිපයක් ඒකාබද්ධ කරමින් මහනුවර ජනතාවට අසමසම සාප්පු සවාරි සහ රසවත් ආහාර පරිභෝජන අත්දැකීමක් ලබාදීමට සූදානම්. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමේ වැඩි අවස්ථාවක් සහ සුවපහසුවක් මෙමගින් ලබා දෙනු ඇතැයි අපට විශ්වාසයි.”

    සිය පාරිභෝගිකයින්ට විලාසිතා සන්නාම, ආහාර අලෙවිසැල් සහ ශීත කළආහාර රසකැවිලි වර්ග මෙන්ම අත්‍යවශ්‍ය දෛනික භාණ්ඩ සඳහා ප්‍රවේශවීමේ පහසුව සැපයීම අරමුණු කරගත් මෙම වෙළඳ සංකීර්ණය ආසන්න වශයෙන් වාහන 150 ක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් සලසා තිබේ.

    මෙම වෙළඳ සංකීර්ණයේ දෙවන අදියරේදී Softlogic Max (පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා වන ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක්), නුදුරු අනාගතයේ දී දියත් කෙරෙන නවීන තාක්ෂණයෙන් යුත් සිනමා ශාලාවක් සහ තවත් ගෝලීය විලාසිතා සන්නාම රැසක් මෙන්ම දේශීය වෙළඳසැල් ගණනාවක් ඒකාබද්ධ කිරීමට අපේක්ෂිත ය.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.