fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටවල් 4ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැනවූ සීමා ලිහිල් කරයි

    රටවල් 4ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැනවූ සීමා ලිහිල් කරයි

    ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා තම රටවැසියන්ට පනවා තිබූ සීමාවන් ප්‍රංශය, ස්විට්සර්ලන්ත, නෝර්වේ සහ එක්සත් රාජධානි‍යේ රජයන් විසින් ලිහිල් කර තිබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසට මීට පෙර එම රටවල ජනතාවට ඒ ඒ රජයන් විසින් කළ දැනුම් දීම යාවත්කාලීන කරමින් ලිහිල් කර ඇත.

    2022 මැයි මාසයේ සිට මෑත කාලීන රාජ්‍ය විරෝධී විරෝධතා සහ නොසන්සුන්තා හේතුවෙන් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව උපදෙස් ලබා දී තිබුණි.

    නව යාවත්කාලීනයය මගින් එය ඉවත් කොට, මෙරට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඉන්ධන හිඟයන් පවතින බැවින් ප්‍රවාහනයට, රෝහල් කටයුතු, ගිලන් රථ ආදිය සඳහා බලපෑ හැකි බවට නිවේදනය කර ඇත.

    දැනට ක්‍රියාත්මක වන හදිසි නීතිය 2022 අගෝස්තු 27 දිනෙන් අවසන් වීමට නියමිත අතර ආර්ථික ගැටලු පිළිබඳ විරෝධතා, විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම්, විරෝධතා, පෙළපාලි, මාර්ග බාධක සහ ප්‍රචණ්ඩ නොසන්සුන්තා කෙටි දැනුම්දීමකින් සිදුවිය හැකි බවත් ඇඳිරි නීතිය සහ හදිසි නීති රෙගුලාසි ද පැනවිය හැකි බවත් නව සංශෝධනය මගින් දැනුම් දී තිබේ.

    “ප්‍රංශය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ පුරවැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සංචාරක සීමාවන් ලිහිල් කරන බව ප්‍රකාශ කිරීම සතුටට කරුණක්” යැයි සංචාරක කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

    මෙය සාධනීය පියවරක් බවත් ශීත ඍතු සංචාරක සමය හොඳින් ක්‍රියාත්මක වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.