fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දරුවන්ට ලිංගික අතවර කොට වීඩියෝගතකර ජාත්‍යන්තරයට විකුණූ රටම දන්නා දේවගැතිවරයෙකු සී.අයි.ඩී. අත්අඩංගුවට

    දරුවන්ට ලිංගික අතවර කොට වීඩියෝගතකර ජාත්‍යන්තරයට විකුණූ රටම දන්නා දේවගැතිවරයෙකු සී.අයි.ඩී. අත්අඩංගුවට

    පාසල් දරුවන් රවටාගෙන ඒ අයව තමාට අයත් නිවසකට රැගෙන ගොස් ලිංගික ක්‍රියාවල එම දරුවන් සමඟ නිරතවෙමින් ඒවා වීඩියෝගතකර පිටරටවලට අලෙවිකළ බවට චෝදනා නගමින් කීර්ති කුමාර බටගොඩ නමැති රටම දන්නා දේවගැතිවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හබරාදූවේ උණවටුනේ මැටරඹ සතර මහා දේවාලය නමින් දේවාලයක් පවත්වාගෙන යන ප්‍රකෝටිපතියෙක් වන මොහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    පාසල් සිසුවෙකුට සිදුවූ යම් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාල වීඩියෝ පට සාක්ෂිද කිහිපයක් රැස්කර ගැනීමෙන් අනතුරුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කළේය.

    දේශපාලනඥයන් මෙන්ම පොලීසියේ ඉහළම නිලධාරීන් ඇසුරුකරන පුද්ගලයෙක් වන මෙම දේවගැතිවරයාව මුදා ගැනීමට පවා ඒ අයගේ උත්සහයක් පවා තිබී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙත් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ විමර්ශකයන් එම බලපෑම්වලට නතු වී නැති බවත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    මෙම සැකකරුව අද අධිකරණයට ඉදිරිපත්කරන බවත් දරුවන් රැසක් මොහු මෙසේ පහත් ලිංගික ක්‍රියා සඳහා යොදා ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.