fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවල් හදන කොන්ත්‍රාත්කකරුවන්ගේ අලුත්ම ජාවාරම

    ගෙවල් හදන කොන්ත්‍රාත්කකරුවන්ගේ අලුත්ම ජාවාරම

    නිවාස ඉදිකරන ඇතැම් කොන්ත්‍රාත් සමාගම් විදේශ රටවල රැකියාවල නියුතු පුද්ගලයින්ට තනාදෙන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන බවට නාගරික සංවර්ධන අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තා වේ.

    මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) විදේශ රැකියාවල නිරත පුද්ගලයින් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ ලංකාවේ තිබෙන ඉඩමක ගෙයක් සෑදීමට හෝ අඩක් නිමකර ඇති ගෙයක ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට ගිවිසුම්ගත වෙමින් ඔවුන්ගෙන් ලක්ෂ ගණන් මුදල් අයකරන බවද පසුව එම මුදල් වංචා කරන බවටද නාගරික සංවර්ධන අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

    මුදල් ලබාගන්නා නිවාස ඉදිකරන සමාගම් නිවාසවල කොටසක් පමණක් ඉදිකළ ඉදිකළ නැවත මුදල් ඉල්ලමින් වංචා සහගත ලෙස හැසිරෙන අතර මුදල් ලබානොදුන් තැන නඩු පවරා විදේශගත වීම නතර කිරීමට කටයුතු කරන බවට ද තර්ජනය කරන බව විදේශ රැකියාවල නියුතු පුද්ගලයින්ගේ ඥාතීන් නාගරික සංවර්ධන අධිකාරියට කළ පැමිණිලිවල සඳහන් වේ.

    එක්තරා නිවාස ඉදිකරන සමාගමක් කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයකුගේ පස්යාල පිහිටි ඉඩමේ අඩක් නිමකළ නිවස සම්පූර්ණ කිරීමට රුපියල් ලක්ෂ 85 ක් ලබාගෙන ඇති අතර නිවස ඉදිකිරීම්වලින් සියයට 65ක් පමණ නිම කර ඉතිරි මුදල වංචා කර ඇති බවටත් කැනඩාවේ රැකියා කරන පුද්ගලයෙකුගේ තබලගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමට ඉදි කිරීමට රුපියල් ලක්ෂ 110ක් ලබාගෙන වංචා කළ බවටත් නාගරික සංවර්ධන අධිකාරියට මෑතකදී ලැබී ඇති පැමිණිල්ලක සඳහන් වේ.

    මේ පිළිබඳ කළ විමසුමකදී නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ජාවාරම්කාර සමාගමක් බවට මූලික පරීක්ෂණවලදී කරුණු හෙළිවී තිබෙන බවය.

    විදේශ රැකියාවල නියුතු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඔවුන් ලක්ෂ ගණන් මුදල් එකතුකර නිවාස ඉදිකිරීම්වලින් කොටසක් පමණක් සිදුකර ඉතිරි මුදල් වංචා කිරීමේ ජාවාරමක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවට කලක සිට පැමිණි ලම පැමිණිලි ලැබෙන බවද නාගරික සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.