fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 10ක් අතුරුදන්!

    පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ගිය 10ක් අතුරුදන්!

    බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වනවිට බර්මිංහැම්හිදී අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මෙරට ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් එම පුවත් වාර්තා කරන්නේ ඔවුන් සිය තරග අවසානයෙන් පසු මෙලෙස අතුරුදන් වූ බවය.

    ඔවුන් මෙලෙස අතුරුදන් වූයේ රැකියාවක් සොයාගෙන බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ උත්සාහයක් ලෙස වන්නට ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

    ක්‍රීඩකයින් 9 දෙනෙක් සහ කලමනාකරුවෙක් මෙලෙස අතුරුදන්වී ඇත.

    ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇගේ කලමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශනිත් චතුරංග අතුරුදන් වූ බව පසුගිය සතියේ වාර්තා විය.

    අතුරුදන් වූ සෙසු ක්‍රීඩකයින් කවුරුන් දැයි අනාවරණය කර නැත.

    මාස 6කට වලංගු වීසා බලපත්‍ර හිමිව තිබීම සහ එරට කිසිදු නීතියක් උල්ලංඝනය නොකිරීම නිසා පසුගිය සතියේ අතුරුදන් වූ තිදෙනාට ද නීතිමය ක්‍රියාමාර්ග නොගත් බව එරට වාර්තා පවසා තිබුණි.

    විදේශීය තරගාවලි සඳහා යන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම රටවල නතරවීමේ සිද්ධීන් මීට පෙර ද වාර්තා වී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.