fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොස ගබඩාවකින් රුපියල් කෝටි 7ක සහල් අතුරුදන් වූ වංචාව යටගහලා

    සතොස ගබඩාවකින් රුපියල් කෝටි 7ක සහල් අතුරුදන් වූ වංචාව යටගහලා

    ලංකා සතොස ආයතනයට අයත් අනුරාධපුරය සැපයුම් ගබඩාවෙන් රුපියල් කෝටි 7කට අධික සහල් තොගයක් අස්ථානගතව ඇතත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුකර නැතැයි ලංකා සතොස සේවකයෝ පවසති.

    ඉකුත් වසරේ ජුලි මාසයේ සිට මාස 6ක පමණ කාලයක් තිස්සේ අනුරාධපුර සැපයුම් ගබඩාවෙන් ආනයනය සහල් කිලෝ ලක්ෂ තුනහමාරක් අස්ථානගතව ඇතැයිද සේවකයෝ කියති.

    තොග ගබඩාවට ගොඩබෑමට රැගෙන එන සහල් තොගවලින් කොටසක් ලොරි රථවල තබා පිටතට රැගෙන ගොස් ඇතැයි ද එහෙත් එම සහල් තොග ගබඩාවලට භාර දුන් බවට ලේඛනවල ව්‍යාජ සටහන් තබා තිබෙන බව ද සේවකයෝ පවසති.

    අනුරාධපුර තොග ගබඩාවෙන් සත් සහල් කිලෝ ලක්ෂ තුනහමාරක් අස්ථානගතව ඇති බවට මුලදී හෙළිදරව් වී ඇතත් පසුව පරිගණක දත්ත පවා මකාදමමින් එම වංචාව යටගැසීමට ලංකා සතොස ආයතනයේ ඇතැම් ඉහළ නිලධාරීන් කටයුතු කර තිබූ බවට සේවකයෝ චෝදනා කරති.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.