fbpx
තවත්
    මුල් පිටුවCOVIDමාස්ක් ඕනෙමයි - යළි කොව්ඩ් රැල්ලක අවදානමක්

    මාස්ක් ඕනෙමයි – යළි කොව්ඩ් රැල්ලක අවදානමක්

    ඉදිරි මාස කිහිපය තුළ covid රැල්ලක් මතු වීමේ අවදානමක් හටගෙන ඇති බැවින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    විශේෂයෙන් පොදු ස්ථානවලදී සහ බස්රථ, දුම්රිය වැනි ස්ථානවලදීත් රෝහල් ආශ්‍රිතව පුද්ගලයින් ගැවසෙන බැවින් එම ස්ථානවල දීවත් මුව ආවරණ පැළඳීම අනිවාර්යෙන් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

    ලොව පුරා නව covid ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් පැතිර යන හෙයින් ශ්‍රී ලංකාව තුළ ද ඉදිරි මාස දෙක තුන තුළ covid රැල්ලක් මතු වීමේ අවදානමක් හට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

    මේ වන විට covid රෝගීන්ගේ හමුවීම 10% දක්වා ඉහළ ගොස් තිබෙන බවද එවැනි තත්ත්වයක් දැඩි අවදානම් සහගත බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.