තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලකරුවන් 09ක් අත්අඩංගුවට

    අරගලකරුවන් 09ක් අත්අඩංගුවට

    පොලීසිය සහ ත්‍රිවිඪ හමුදාව විසින් අද අළුයම ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට රැදී සිටි අරගලකරුවන් ඉවත්කිරීමේ මෙහෙයුම අතර තුර සැකපිට 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    ඒ අතර නීතීඥවරයෙක්ද සිටින බව පොලිස් තොරතුරු සහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහන් කරනුයේ අත්අඩංගුවට ගත් දෙදෙනෙක් සුළු තුවාල ලබා රෝහල්ගතකර ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය, ඇඹිලිපිටිය, ජා-ඇල, රත්නපුර, සෙවනගල, වැල්ලම්පිටිය, පිටිගල, වාද්දූව, නුගේගොඩ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26 ත් 28ත් අතර පසුවන්නන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img